පොත් කියවීම


ඔබෙන් ලද දැනුම වටිනා....
ඔබෙන් ලද දිරිය අගනා....
ඔබෙන් ලද සතුට සහනා....
නැත කීමට සතු වදනා....

මනස වැඩුමට නිබඳා....
කියවිමි පොත් සැමදා....
දැනුම ලැබුවෙමි....
දැනුම ලබනෙමි සැමදා....

මතක වැඩුමට නොමඳා....
උගත් දේ මා බෝ මා....
අස්වැසිල්ලට පෙරදා....
සිටියෙ ඔබමයි මා හා....

පොත් කියවීම මතුදා....
කළ යුතුය අප සැමදා....
කියවීම පොත් සැමදා....
වේය ඔබ පිරුණු මිනිසා....


කාව්‍ය සංකල්පනාව

 - ප්‍රියංජලී මංගලිකා

Comments