සුරතල් දුවේ.... සුරතල් පුතේ....


මල් කැකුළු වන් මා සුරතල් දුවේ....
මල් කැකුළු වන් මා සුරතල් පුතේ....
හිනැහී සදා මා සනසන් දුවේ....
හිනැහී සදා මා සනසන් පුතේ....

දින දිනේ ලොකු වී....
මතු දා පුතේ....
පාසැල් ගොසින් නුඹ හපනෙක් ම වී....
ඉගෙනීම නිබඳා....
කළදා දුවේ....
මතු දා වාසනා වේ මගෙ රන් දුවේ....
මතු දා වාසනා වේ මගෙ රන් පුතේ....

මා පිය පැතුම් හැම ඉටු කොට සොඳින්....
රට බබළවා, ලොව බබළවා....
ඔබේ නම රන්දා සිරි ලක් බිමේ....
ඔබේ නම රන්දා මේ මුළු ලොවේ....
පා නගන්නට ලොවට මගෙ රන් දුවේ....
පා නගන්නට ලොවට මගෙ රන් පුතේ....
දිරි ලැබේවා ඔබට සැමදා දුවේ....
දිරි ලැබේවා ඔබට සැමදා පුතේ....





කාව්‍ය සංකල්පනාව

 - ප්‍රියංජලී මංගලිකා

Comments