පුද දෙමු තුටු පඬුරු.... දෙවිඳේ.... වැසි දෙවිඳේ....


නහවා සිසිලෙන්....
මිහිකත සැනසෙයි....
තුරු ලිය පිබිදී....
නව පණ ලබලා....

සැම දන සතුටින්....
සියොතුන් නද දෙයි....
නව මල් පුබුදී....
දෙව් සිරි මවලා....

නැටුවා උඩ පැන....
මින් රළ සතුටින්....
වැව් දිය පිරෙනා....
සැටි දැකලා....

සැම සත සනසා....
දෙන වැසි නිබඳා....
මිහිකත නළවා....
නිසි කල ලැබිලා....

පුද දෙමු බැති මල්....
පුරවා අප හද....
නමස්කාර දී....
තුති පුදලා....

පුද දෙමු තුටු පඬුරු....
දෙවිඳේ....
වැසි දෙවිඳේ....



කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments