Posts

Showing posts from November, 2016

ජීවමාන කලාකරුවාණනේ.......

Image
හිරුට නැත උපමා හිරු හැර... සඳුට නැත උපමා සඳු හැර... ඔබට නැත උපමා ඔබ හැර... රටට නැත සම්පත් ඔබ හැර... දැයේ සැම දන සතුට සදමින්... ගයා ගී වැල්... වයා සත් සර... රැඟුම් රැඟුවා සතොසිනේ... ලියා පත පොත සොඳුරු විලසින්... මතු කළා කවි පදත් මනරම්... පුබුදුවා රස හැඟුම් දන මන... තුටු කළා සැම සතොසිනේ... කලාකරුවාණනේ අපගේ... ඉටු කළා ඔබ මෙහෙය ඔබගේ... රට දැයට වාසනාවන් සැමදා... උපහාර වේ මේ කවි මල් කුසුම්... ජීවමාන කලාකරුවන්ට මෙය උපහාරයක් ම වේවා! චිරං ජයතු!...... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

සූරිය වරුණා......

Image
ලොවේ අඳුර දුරු වී.... ළහිරු කිරණ ආවා.... නව දිනක් උදා වී.... උදා සිරිය ආවා.... සියොත් ගී අසාලා.... ලොවම අවදි වීලා.... රන් හිරු රැස් පායාලා.... මල් පෙති සිනහා පාලා.... හිරු කුමරුන් ඇවිදිල්ලා.... නව සිතිවිලි පිබිදී.... නව සැලසුම් වඩලා.... දවසම සරු වේවා!.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

සංගීත කලාවේ, හෙළ වෙණ තත අද බිඳිලා....

Image
සංගීත කලාවේ, හෙළ වෙණ තත අද බිඳිලා.... සැමට හොරෙන් ගෙවිලා දුකිනේ.... නළවා අප සැම, බිඳී ගියා ඔබ.... කවුරුන් තනන්නෙ ඔබ වෙණ තත අද දැන්.... නිහඞයි අද ඔබගේ රස ගී සර.... දුකින් හඞනවා ඔබ වෙණ තත අද.... රැව් පිළිරැව් දෙනවා ඔබ ගී නඳ තාමත්.... නළවා, පුබුදා, පිනවා අප දෙසවන්.... විකසිත පෙම් පොකුරු පියුම්.... හන්තානේ කඳු මුඳුන සිසාරා.... ගයන්නෙ කවුරුන් දැන්.... වක්කඩ ළඟ දිය වැටෙන තාලයට.... සන්නාලියනේ සන්නාලියනේ.... ගයන්නෙ කවුරුන් දැන්.... අමයුරු ගී සර නිහඞයි ගී ලොව දැන්.... කවුරුන් එන්නේ දෙව් විමනෙන් අසන්න ගී රස දැන්.... ගීත කලා ලොව ඉකි බිඳිනා හඞ දැනිලාදෝ  දැන් දැන්.... කඳුළැලි ඉනුවා ඇස, හිස කකියා, දුකිනේ හදවත දැන්.... කිරුළ හිමි ගී ලොවේ සැමදා රජුය ඔබ සැමදා.... කිරුළ හිමි හෙළ ගී කෙතේ සැමදා ගොවි රජුය ඔබ සැමදා.... අස්වදා හෙළ ගී කෙතම සැමදා ඔබ දුන්නා බත සැමදා.... සසර වසනා තුරා නැවතත් සැමදා රැක ගන්න අප සැමදා.... හෙළයේ මහා ගාන්ධර්වයාණනි ඔබට නිවන් සුව පතමු! කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා