සංගීත කලාවේ, හෙළ වෙණ තත අද බිඳිලා....


සංගීත කලාවේ, හෙළ වෙණ තත අද බිඳිලා....
සැමට හොරෙන් ගෙවිලා දුකිනේ....
නළවා අප සැම, බිඳී ගියා ඔබ....
කවුරුන් තනන්නෙ ඔබ වෙණ තත අද දැන්....

නිහඞයි අද ඔබගේ රස ගී සර....
දුකින් හඞනවා ඔබ වෙණ තත අද....
රැව් පිළිරැව් දෙනවා ඔබ ගී නඳ තාමත්....
නළවා, පුබුදා, පිනවා අප දෙසවන්....

විකසිත පෙම් පොකුරු පියුම්....
හන්තානේ කඳු මුඳුන සිසාරා....
ගයන්නෙ කවුරුන් දැන්....
වක්කඩ ළඟ දිය වැටෙන තාලයට....
සන්නාලියනේ සන්නාලියනේ....
ගයන්නෙ කවුරුන් දැන්....

අමයුරු ගී සර නිහඞයි ගී ලොව දැන්....
කවුරුන් එන්නේ දෙව් විමනෙන් අසන්න ගී රස දැන්....
ගීත කලා ලොව ඉකි බිඳිනා හඞ දැනිලාදෝ  දැන් දැන්....
කඳුළැලි ඉනුවා ඇස, හිස කකියා, දුකිනේ හදවත දැන්....

කිරුළ හිමි ගී ලොවේ සැමදා රජුය ඔබ සැමදා....
කිරුළ හිමි හෙළ ගී කෙතේ සැමදා ගොවි රජුය ඔබ සැමදා....
අස්වදා හෙළ ගී කෙතම සැමදා ඔබ දුන්නා බත සැමදා....
සසර වසනා තුරා නැවතත් සැමදා රැක ගන්න අප සැමදා....

හෙළයේ මහා ගාන්ධර්වයාණනි ඔබට නිවන් සුව පතමු!


කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments