ලස්සන දෙසැම්බරේ.......


පොකුරු පොකුරු මල් පිපිලා
බලන්න මනරම්....
සීත පවන් රැල් සැළෙනා
උඳුවප් මනරම්....

දෙව් විමනක සිරි ගෙනෙනා
නත්තල මනරම්....
සොඳුරු සිතුම් හද සැළෙනා
කාලය මනරම්....

ගෙවූ මිහිරි දින සතුටින්
සිහි වෙයි මනරම්....
ලැබු පැරදුම් විඳි දුක් හැම
සිහිකර නොසැලෙන්....

පවුලේ සැම මිතුරන් හා
ගෙවමින් සතුටින්....
සොඳුරු හැඟුම් හද සැළෙනා
කාලය මන‍රම්....

විඳින්න මේ සීත සොඳුරු
කාලය මනරම්....
නැවුම් පැතුම් පොදි බඳිමින්
දිරි ගෙන සතුටින්....











කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments