වසන්තය ඇවිල්ලා....

සිසිල් පවන් සැල් ගත දැවටෙනා....
සිසිල් පිණි පොදින් විකසිත වෙනා....
තුරුලතා මලින් නැහැවෙනා....
සීත මීඳුම් දුහුල් සළු එළනා....

විහඟ ගී නඳින් පිබිදෙනා....
තුරු හිස් ඵලින් බබළනා....
මිහිමඞලේ නව පණ ලබනා....
සිසිල් හැඟුමින් හද විකසිත වෙනා....

සිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්....
සිත පුරා මල් සිහින පෙනෙනා වසන්තය ඇවිදින්....
ගත පුරා සිසල විඳිනා වසන්තය ඇවිදින්....
මන බඳන සොඳුරු වසන්තය ඇවිදින්....




කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments