පාඨක රසික සහෘද ඔබට උපහාර වේ මේ පද වර්ණනා.......


ඔබ නොවන්නට....
පාඨක රසික සහෘදයාණනේ....
කලාකරුවා නොමැත මිහිපිට....
දදුළවයි.. බබළවයි.. නිති ඔහු....
ඔබේ කිත් යසස් පැසසුම් ලබා....

ඔබ පිදුම් ලැබ දිරි ලබා....
දැයේ සැම දන සතුට සදමින්....
ගයා ගී වැල්....
වයා සත් සර....
රැඟුම් රැඟුවා සතොසිනේ....

ඔබෙන් ලද පන්නරය සමඟින්....
ලියා පත පොත සොඳුරු විලසින්....
මතු කළා කවි පදත් මනරම්....
පුබුදුවා රස හැඟුම් දන මන....
තුටු කළා සැම සතොසිනේ....

රසික පාඨක මිතුරනි....
ඉටු කළා ඔබ මෙහෙය ඔබගේ....
රට දැයට වාසනාවන් සැමදා....
උපහාර වේ මේ කවි මල් කුසුම්....


කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments