අභීත දියණී.......


වයමින් සත්සර....
මිහිරි ලෙසින්....
මවිත කළා රජු....
වාදනයෙන්....

සොයමින් හිමිකරු....
සමනල් යතුරේ....
පා තැබුවා රජ මාළිගයට ඇය....
ළමා වියේදී වීර ලෙසින්....

සෙව්වා ඇය නිති....
කවුරුන් හිමිකරු ඒ යතුරේ....
තම පිය සොහොයුරු....
මරා දැමූ....

රැඳුණා නිබඳව....
සිනහව මුවඟේ....
දුක් වින්දා ඇය....
ළමා වියේ....

බාධක ආවද....
නොසැලී සිටියා පුදුම ලෙසින්....
ජීවත් වීමේ....
පාඩම පෙන්වා ආදරයෙන්....

ඇයගේ ජය මඟ....
ඇය සතු විමසුම් ඇස නිති....
සොයා ගියා....
ආදරයෙන්.... කරුණාවෙන්....

විමසුම් මඬලට....
එක්වීමෙන්....
රජු රැක ගත්තා....
රට රැක ගත්තා....

ආදරයේ රන් දෙව් දුව ඔබමයි දොං යී....
සැබෑ ලොවේ රජ කළ ඒ සමයේ....
තම හිමි රැක ගත් සැබෑ ලියයි ඔබ....
පින්වත් පුතුගේ සැබෑ මවයි ඔබ....

අභීත දියණී ඔබමයි දොං යී....
අපගේ සැමදා හද රැඳෙනා....
ඇයගෙන් ගත හැකි පාඩම් බොහොමයි....
සැම දියණියනේ ඇය නරඹා....









කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments