පොතේ දැනුම.....


පොතින් කියවා
ගන බොල් කඳු ගණන්
හිස තුළ පුරවන තැනැත්තේ
සැබෑ බුද්ධිමතෙක් නොවේ.
ජීවිතේ අබිරහස නමැති පොත
ඔහුට නොවැටහෙන හෙයිනි,
තෘණ විද්‍යාව පොතින් උගත්තකුට
තණ පත් පිබිදෙන හඞ සවනට නෑසේ.
දන්නා තාක් සිප් සත දෙසා බෑවද
ඔහු කියන දෙයින් ගැඹුරු සම්බුද්ධියක්
ඔබට නොලැබෙනු ඇත.
ජීවිතය වටහා ගැන්මට
ජීවිතය දෙස බලනු මිස
රෑ පහන් වන තුරා
පොත් පිටු අතර මැරිමැරී ඉපදීම
කවර ඵලයක් එළවා ?
තම හදවත ගැහෙන හඞ
වැරදියට වටහා ගෙන එය ගලවා
විසි කරන අය බුද්ධිමත්තු ?
ඔබේ සියලු වදන් අතර
ඉතා ගැඹුරු ඉතා මිහිරි රස වන්නේ
මිනිසා ගැන,
මිනිසාට දැනුම දෙන වදන් .
                
                            - ෆෙඩ්රික් එංගල්ස් -

Comments