පොසොන් සඳ පායලා.......


පොසොන් සඳ පායලා....
ලස්සනයි අද අහස....
දම් අමා ගඟ ගලා....
සනසවයි මිහිතලය....

මිහින්තලෙන් නැග එනා....
දම් අමා සිසිලසින්....
ලක් දෙරණ පිබිදුණා....
මිහිඳු හිමි වැඩි දිනා....

තිස්ස රජු බිය වෙලා....
දමා දුණු හී පසෙක....
සැනසුණා බණ අසා....
නමදිමින් හිමි දෙපා....

මෙත් සිසිල පැතිරුණා....
නැවත මා ලක් බිමේ....
ලක් දෙරණ වෙත එදා....
මිහිඳු හිමි වැඩි දිනා....

ගමයි පන්සලයි සහ....
වැවයි දාගැබයි නිති....
මතු කළා හෙළ බිමේ....
දම් කිරණ වැටීලා....

හෙළ පියුුුම් පිබිඳුණා....
දම් කිරණ වැදීලා....
හෙළ බිමම බැබලුණා....
හෙළ බිමම සැනසුණා....

මිහිඳු හිමි නැමඳලා....
ලක් අහස පුරාවට....
අඳුර පලවා නැඟේ....
දම් අමා පොසොන් සඳ....







කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments