භවෙන් භවයේ සෙවණැල්ල සේ.. ලංවි සිටියා මා ළඟින්...............

සසර සයුරේ එකට ආවා සේ දැනේ..
මට මේ භවේ....
රණ හංස යුවළයි නීල ජලයේ..
රඟන රැඟුමේ මන බඳී....
සිහින මහදේ දකින සිහිනේ..
රතු රෝස කුසුමක් ලයට ලංවී....
පෙමින් බැඳිලා මහද ඔබ හා..
සිහින සිතිවිලි මහද පිබිදී....

භවෙන් භවයේ සෙවණැල්ල සේ..
ලංවි සිටියා මා ළඟින්....
දුකත් සැපතත් සමසෙ විඳගෙන..
එක්ව ආවා සැම භවේ....
යළිත් එක් වී මේ භවේ..
අප හැඟුම් යළි මතු වෙලා....
එක්ව ගෙන යමු අපේ දිවිය ම..
ඔබ මගේ ආයෙත් වෙලා....



කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments