යථාර්ථයේ නාමයෙන්.........

සිහිනයකි ජිවිතය;
මතු දිනෙක සැබෑ වෙනා.
නොමියෙන ප්‍රාර්ථනා,
නව පණක් ලැබදේවි ඒ සිහිනයට.
මායාවකි ජීවිතය;
සැබෑ ලෙස නොපෙනෙනා....
මනෝ මන්දිර තනන හදවතය;
ජීවයේ.........
ප්‍රාණ වායුව වන්නෙ නිරතුරුව
පුද දෙනා.........

දිවියේ ඇරඹුමත් සමඟින් ම,
මරණයේ මුවදොර ද;
පෙනී නොපෙනී යත්ම,
ජීවයේ සැබෑව වටහා ගන්නට තරම්;
යථාර්ථවාදී මනසක්,
හිමි ව ඇත ඔබට.
නමුඳු වැටහේවි යම් දිනෙක;
එය ඔබේ මනසට.
යථාර්ථයේ නාමයෙන්.........

යථාර්ථය අභිමුවේ නොසිලෙන පහන් සිලක් වේවා!







කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments