ප‍්‍රේමය....


විඳිනෙමි වේදනා;
ජිවිතය පුරාවට.......
කඳුළු බොමි පිපාසය නිවාලන්නට;
හදේ දැනෙනා.......
අවංක වීමි හදවතට..
ආදරය පුද දී,
මියෙන්නට තරම්;
මහද අසරණය.......
මන්ද යත්, මම ඔබට පෙම් කරමි.

විටෙක සිනාසුනෙමි;
ආදරයේ සේයාව වැටී.......
ඒ සේයාව මැකී යන්නට වූ සඳ,
මහද හඬන්නට වූ නමුඳු
පවිත්‍ර ප‍්‍රේමය;
මා මිරිඟු සයුරක..
තනිකරන්නට තරම් කුරිරු විය.



කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments