ස්ත්‍රිත්වයේ නාමයෙන්....


මිනිසුන් දැක ඇත්තෙමි මම.
ඒත් මේ තාක් කල් නොදැන සිටියෙමි;
මෙවන් මිනිසුන්ගේ පාරාදීසයක් ලෙස.
කුමක් විද? මේ මිනිස් ගතියට....
නොදනිමි මා එය.
ස්ත්‍රියක් වූූ පලියට මෙවන් වේදනාවක්,
මා කෙසේ ඉවසන්න ද?
ආදරය එක් දහමකි;
රාගය එහි සෙවණැල්ලක් පමණි.
නමුත් රාගය දහමක් වී
ආදරය එහි සෙවණැල්ලක් වූවා ද?
අහෝ! දෙවියනි,
කෙසේ ඉවසන්නද? මෙය....
වෙර දරමි ස්ත්‍රිත්වය රැක ගන්නට,
ස්ත්‍රිත්වයේ නාමයෙන්.........


කාව්‍ය සංකල්පනාව
- ප්‍රියංජලී මංගලිකා

Comments