කඳුල !!!!


වේදනාවක් මා හදට රිඳුම් දුන් සඳ....
නෙතින් කඳුලු වැල් කඩා හැලිණි.......
ඒ දුක්බර රාති‍්‍රයේ....
මා මෙදියතෙහි තනි වුවා වැනි විය.......
නොදනිමි ඇයි දැයි එදා මා හැඬූයේ....
මා නොදැනුවත්වම කඳුලක් මෝදු වන්නට....
පටන් ගන්නා සෙයක් දැණිනි.......
කිමක් විණිද ඒ සිනහවට;
කඳුල රජයන මෙවන් නිමේෂයක....
එදා මා හදවතින් සැනසෙද්දී.......
නෙතින් ගලා ගිය සතුටු කඳුලක....
සේයාව දැනුදු මසිතේ සටහන්ව ඇත.......
නමුදු නොදනිමි....
කොහේ සැඟවිණි දැයි  ඒ සිනහව.......


කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments