දෙපා ලදිමි.......

මිනිස් භවයේ ඉපදුනෙමි;
කුමක් හෝ පිනකින්.......
නමුත් හනි හනික පියාඹමි;
ජීවන ගුවන් ගැඹ සිසාරා.......
තරඟකාරීත්වය පෙරමුණ ගෙන ඇත.......
කිනම් වරදක් විණිදැයි නොහැඟේ.
එනමුදු වරදක සේයාවක් ඇස ගැටෙයි;
අහස් ගැබේ ජීවන මං තලාවේ.......

ඔවුනොවුන් පරයන්නට වෙර දරයිි.......
දිවා රෑ නොබලා වෙහෙසුණ ද,
දිවියෙහි යථාර්ථය පසක් නොවුනේ;
මක් නිසාදැයි නොදනිමි.
දනිමි පිය නැගූ අතීතය;
ගෙවී ගියේ.......
දෙපා නොලද්දකු ලෙසින් බව.
අනාගතය වෙත පිය නඟමි.......
දෙපා ලද්දකු ලෙසින්.......


කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments