පහේ ශිෂ්‍යත්ව විභාගයට යන මගෙ රන් දුවේ මගෙ රන් පුතේ.......


මල් කැකුළු වන් මා සුරතල් දුවේ....
මල් කැකුළු වන් මා සුරතල් පුතේ....
හිනැහී සදා මා සනසන් දුවේ....
හිනැහී සදා මා සනසන් පුතේ....

දින දිනේ ලොකු වී....
අද මගෙ පුතේ....
දින දිනේ ලොකු වී....
අද මගෙ දුවේ....
ශිෂ්‍යත්වයයි හෙට මගෙ දුව පුතේ....

පාසැල් ගොසින් නුඹ හපනෙක් ම වී....
ඉගෙනීම නිබඳා....
කළදා දුවේ....
ඉගෙනීම නිබඳා....
කළදා  පුතේ....
මතු දා වාසනා වේ මගෙ රන් දුවේ....
මතු දා වාසනා වේ මගෙ රන් පුතේ....

ශිෂ්‍යත්වයෙන් ඔබ අසමත් වුවත්....
දිරි ගෙන සිතින්....
හැකි වෙර යොදා....
ඉගෙනීම නිබඳා....
කළදා දුවේ....
ඉගෙනීම නිබඳා....
කළදා  පුතේ....
මතු දා වාසනා වේ මගෙ රන් දුවේ....
මතු දා වාසනා වේ මගෙ රන් පුතේ....

මා පිය පැතුම් හැම ඉටු කොට සොඳින්....
රට බබළවා, ලොව බබළවා....
ඔබේ නම රන්දා සිරි ලක් බිමේ....
ඔබේ නම රන්දා මේ මුළු ලොවේ....
පා නගන්නට ලොවට මගෙ රන් දුවේ....
පා නගන්නට ලොවට මගෙ රන් පුතේ....
දිරි ලැබේවා ඔබට සැමදා දුවේ....
දිරි ලැබේවා ඔබට සැමදා පුතේ....

සැම මව්පියනි, සැම ගුරුතුමනි....
රැක ගන්න දරුවන්....
මල් මෙන් සිතා....
නොරිදා ඒ පොඩි සිත් සදා....
ශිෂ්‍යත්වෙ දිනුවේ;
නැත යයි කියා....








කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා




Comments