ජීවිතය.......


ලැබීය ප්‍රාණයක්;
ගෙන යන්නට සසර මඟ....
ගෙවී යයි නොදැනීම....
කලබලකාරී ලෙසින්;
හදාරයි අධ්‍යාපනය;
ජීවිතයේ සාර්ථකත්වය දැකීම උදෙසා....
සැබැවින් ම එවිට සාර්ථකත්වයක් ලැබේ ද?....
කිව නොහැක අපට එය....
මන්ද යත්, ජීවයේ අරුත;
අප නොදන්නා හෙයිනි....
දැන ගැන්මට උත්සහයක් ද නැති ලෙස ය....

බාහිර සතුට උදෙසා....
අප කෙතෙක් වෙහෙස වන්නේද?
නමුදු හදේ සිනහවක් කවදා දකින්නෙහි ද?....
මන්ද යත්, අප;
හදට ලං නොවුණු නිසාය....
හදවතේ සැබෑ සිතිවිලි....
අප ට කවටකම් කරන්නට වු සඳ....
ගෙවන මේ ජීවිතය....
කවදා නිමවේ දැයි හැඟෙනු ඇත....
එනමුඳු දැන ගත යුතුය ජීවිතය;
වටිනා වස්තුවක් නොවන බව....
අවැසි විට ළඟ තබා ගැන්මටවත්....
නුවුමනා විටක පසෙක ලීමටවත්....

ගෙවා යා යුතුය සැබෑ ලෙස ජීවිතය....
ජීවිතයේ සාර්ථකත්වයක් දකින්නට නම්..........









කාව්‍ය සංකල්පනාව
- ප්‍රියංජලී මංගලිකා

Comments