පොත් පිටු අතරේ ගිලී නාන්නට සාහිත මාසේ ආවා.......


බිනර මලින් පිරි....
සාහිත මාසේ ආවා.......
පොත් කියවන්නට....
ඒ රසය විඳින්නට....
සාහිත මාසේ ආවා.......

සාහිත උළෙලත්....
පොත් සල්පිළෙනුත්....
සාහිත රුචියත්....
එක්වී බැබළෙන....
සාහිත මාසේ ආවා.......

මිනිසා සපිරුණු....
වන්නේ යම් සඳ....
ඔහු ඇය කියවිය
යුතුමය පොත පත....

නව පොත් ලියවී....
පිට වෙයි නොදැන ම....
ඒ පොත් පිටු අතරේ....
ගිලී.. නාන්නට....
එන්න ප්‍රියේ.......





කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments