දෛවය?


මිනිසුන් දිටිමි මම.
කිසිඳු හැඟීමකුඳු ඇති නොවුණි.
ඔහු දුටු පළමු දිනයේ ම....
ඇති වුණි අමුතු හැඟීමක්.
පෙර අත් බැව්හි හමු වූ සේයාවකි.......
කිමද මේ අරුම!
ඔහු හට මගේ සිත බැඳී ගියේය.
නමුත් ඔහු නොදත් මෙය
මා කෙසේ පවසන්නෙම් ද?
ඔහු නැවත හමු නොවුණි.
කෙදිනක ඔහු හමු වේවිද?
දෙවියනි; නොදනිමි මා එය.
කෙසේ සකසා ගන්නෙම් ද?
අහෝ! මගේ හදවත.
උත්සහ ගනිමි.

(මගේ පන්හිඳට පණ දුන් පළමු නිසඳැස හෙවත් මගේ කවි සිතට ජීවය ලැබුණු දවස)





කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා






Comments