අම්මේ, මේ බලන්නකො; දැන් මං උස ම උසයි....


ඒ අය තරම් මම නෑ උස නෑ        කිව්වා....
අයියලා ටික ම මට මග දී බොරු කිව්වා....
ඇයි දැන් මමත් ඒ උසට ම සම කෙරුවා....
අම්මේ, මමත් දැන් උසනේ දැන්  කිව්වා....

එන්නට කියන් අම්මේ      ඒගොල්ලන්ට....
මම කොච්චර උස ද එය සිහියට    ගන්ට....
අම්මට වැඩිය තව පොඩ්ඩයි උස වෙන්ට....
ඇත්තේ අම්මෙ, ඉක්මණට ම උස යන්ට....

අම්මා තරම් උස වීලා උසට            උසයි....
මේ දැන් යන්න ඇත්නම් ඒ ගමන අගෙයි....
උස ගස් පවා දැන් මා ළඟ හරිම  කොටයි....
අම්මා කොටයි දැන් ටික ටික මං  උසමයි....

අම්මේ, මේ බලන්නකො; දැන් මං උස ම උසයි....
අහසත් අල්ලන්න ළඟමයි,           උස ම උසයි....
සීයාට ආච්චිට වැඩියත්                 උස ම උසයි....
දැන්නම් ඉතින් හැම දෙනට ම වැඩිය       උසයි....

මගෙ සුරතල් පුතේ දඟලන    උස යන්න....
අහගනු සොඳින් තව ටික ටික උස යන්න....
නොසිතන් හනික උස යන්නට දඟලන්න....
නිසි කළ උස යාවී පුතුනේ   සැනසෙන්න....

උසට උස වුනත් පුුතුනේ වැඩ          නැත්නම්....
කුමට ද පුතුනි, එය දැන ගත යුතු පුත      නුඹ නම්....
කළ පැමිණිලා උස යයි මගෙ පුතු   හොඳ නම්....
පාවඩ එළා ගරු සරු කරවයි ඒ විට          නම්....


කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments