ඉකිබිඳින සිත.......


ගොළු වූ මසිත
ඉකිබිඳින හඬ ඇසී බැලීමි.
යළි ඔබේ සෙවණැලි;
මහද පෙනී නොපෙනී යයි....
ඔබේ සිනහවන්, කථාවන්;
යළි මසිත ට
එබිකම් කරන්නට හදයි....
දොරඟුළු දැමූ මහද සිතිවිලි;
යළි කාටත් හොරෙන්
මහද අද්දරට වී;
ඉකිබිඳින්නට වෙර දරයි....
කුමක් කරන්නද කියා
සිතාගත නොහැක මට....

ආදරයේ නාමයෙන්.. ගොළු වූ මසිත....
වැළපෙන්නට නොදී;
රැක ගන්නට සිතේ....
නමුදු ගලනා ආදර ගඟුලේ....
සිතිවිලි හමුවේ;
මහද අසරණය....
ඔබට බැඳි සෙනෙහසේ නාමයෙන්....
කඳුළක් මෝඳු වන්නට දඟලයි....

ඔබ ළඟින් හිඳ ඔබට,
තුරුළු වන්නට සිතේ....
ඔබව යළි දකින්නට;
මහද බලා සිටිනා සැටි....
ඔබට දැනේ නම් යයි;
සිත හඬා වැටේ....
යළි පෙර මෙන් එක්වන්නට ඇත්නම්....
මහද ඔබ යළි එනතුරා
බලා හිඳී....
ඔබ ළඟින් හිඳ සැනසෙන්නට,
ඔබ මගේ ම වන්නට
සිත පෙරුම් පුරයි....


කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments