පුදුමයි දුටුවොතින් ඔබ ඒ බිළිඳු අද.... කුඩා හිමි නමයි ඒ පන්සලේ අද....

පාළු වීදියේ කසල ගොඩේ
පුංචි බිළින්දෙකි, දුකයි අනේ!
නෑ කිසි ඇඬුමක්....
නෑ කිසි දෙඩුමක්....
බැල්ලක ඒ අසලින් යන්නේ....

ළංවී සෙව්වා නිබඳව කෑමක්,
මේ දැන් දැන්....
දුටුවා බිළිඳු සිරුරේ වෙනසක්,
දැන් දැන්....

ළංවී හනික ගත්තා එය....
තම කටට....
දිව්වා හනික....
තම පුතු දුටු මව විලස....

දිව්වේ පන්සලට....
ඒ අසලින් දිවෙන....
නිතරම පිහිට....
නෑ අන් සරණක් මෙමට....
කියමින් දිව්ව.. කිසාගොතමී....
සිහිපත් කරමින් අපට....

බිළිඳුව සෙමින් තියලා බිමට....
මොර දෙන්නට වුණා;
තම පුතු මළ ලෙසට....
සැළ කර සිටින්නට වාගේ;
මේ පුවත....

වැඩ සිටි හිමි නමක් වැඩියා.. 
විහාරය....
බලනට මොකද.. 
පන්සල් බිම විකාරය....
ළං වී හනික.. 
දුටුවා නෑ විකාරය....
බිළිඳු රැගෙන ඉක්මණට ම..
වැඩියා හිමි සිටි විහාරය....

සුවපත් කළා හැකි ලෙස.. 
ඒ මොහොතේ ම....
ඉන් පසු ගෙන ගියා.. 
රෝහල වෙත යාබද ම....

දීලා බෙහෙත් අනෙ ඒ බිළිඳාට....
සුවපත් වුණා බැල්ලට පින් සිදු වෙන්ට....

අද මම පවසලා ඒ දුක්බර පුවත....
සිහිපත් කරමි අගනා ඒ බැල්ල අද....
පුදුමයි දුටුවොතින් ඔබ ඒ බිළිඳු අද....
කුඩා හිමි නමයි ඒ පන්සලේ අද....

සතකු උනත්.. බැල්ල උනත්.. ඒ කළ පින.. පළ දෙනවා....
සැබෑ මවත්.. ඒ පියාත්.. ඒ කළ පව.. පළ දෙනවා....

දරුවන් වැදූ මව්නේ අසන්.. රැකලා සොඳින්.. දරුවන් වඩව්....
දරුවන් වැදූ පියතුම අසන්.. රැකලා සොඳින්.. දරුවන් වඩව්....

(මගේ පන්හිඳේ කවි පිටු අතර සිය වෙනි පිටුව මෙසේ අකුරු කළෙමි....)


කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments