නිල් ම නිල් අහසක්....

ලස්සනයි අද අහස බොහෝ සේ....
නිල් ම නිල් පාටයි....
හිරුගේ උණුසුම් රැස් දහරින්....
විකසිත වෙලා....

නෑ එකම එක සුදු වළාවක්....
නිල් සයුර සේ....
ලෙළ දේ මිරිඟු රැස් දහරා....
රඟන සයුරු රළ සේ....

මුළු රට ම විකසිත වෙලා....
හිරුගේ උණුසුම් රැස් දහරින්....
සතුටු සිනාහා ගලා....
ගං වතුර යයි සිඳීලා....

සනසලා මගේ උතුම් රට සදා....
ළඟ ඉන්න හිරු දෙවියනේ සෑමදා....
වැසි දෙවිඳු සමඟින් ම....
මතු මතුත් තනි නොකර ඇය....

අවැසි සේ වැසි ලැබී....
අවැසි සේ හිරු හිඳී....
මගෙ රට ම සතුටින් හිඳී....
නිල් අහස සතුටින්මමයි....



කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments