අම්මා ඒවි ඉක්මණට ම දුවලා දැන්.......

සුරතල් සිඟිති මුව විදහා බලන්නේ....
ඇස් දෙක කිමද ලොකු කර කර බලන්නේ....
තනියම ඇයි ද මේ කොයිබ ද ඔබ එන්නේ........
අම්මා නැද්ද එන විට ඔබ හට බැන්නේ....

අම්මා හදනවා ලස්සන කේක් එකක්....
උපන් දිනේටයි මාගේ නොවී සැකක්....
අනිද්දාලු එන්නේ ඒ දවස හුඟක්....
වටිනව මටත් එනවද උඹ නොදී දුකක්....

අම්මා කොහේද උඹෙ හඳයෝ කොහෙද ගියේ....
බිව්වේ නැද්ද කිරි ටික ටික අද උදයේ....
ඇයි මේ දුකින් ඉන්නේ උඹ ඇයි හඳයෝ....
දන්නෙම නැද්ද අම්මා ඇයි කෝ හඳයෝ....

අම්මා කොහෙද දන්නේ නෑ මා තාමත්....
කිරි දීලා තුරුලට ගෙන ඊයෙ රෑත්....
මා නිඳි කළා හුරතලයට ඊයෙ රෑත්....
අම්මා තවම හොයනව මේ නෑ තාමත්....

අඬන්නෙපා හඳයෝ උඹ දුක් වීමෙන්....
අම්මා හනික එයි මේ දැන් තව ටිකකින්....
නැත්නම් අපේ අම්මාටත් කියමු ඉතින්....
අම්මා හොයලා දෙයි පොඩ්ඩක් ඉන්න ඉතින්....

තාම නැහැනෙ ඇය ආවේ නේද හඳයො....
දුවලා ගිහින් මා එන්න ද හනික හඳයො....
අපෙ අම්මා ඇවිල්ලා දැන් හොයලා දේවි....
නාඬා ඉන්න ඉතින් හඳයො අම්මා ඒවි....

කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments

Post a Comment