සිඟිති මුවේ ටිකිරි සිනා.... බිළිඳු සිතේ මෙත් සිසිලා....

සිඟිති මුවේ ටිකිරි සිනා....
බිළිඳු සිතේ මෙත් සිසිලා....
සුරතල් දඟ වැඩ තාමත්....
සිවුර හිමිට බර වැඩිදෝ....
නිකමට මෙන් මට සිතුණා....

දුටුවා ඔබ මේ විලසින්....
කුඩා හිමියනේ සතුටින්....
කුමක් දැකලාදෝ මෙලෙසින්....
සිනාහා සලන්නේ....
සිවුර කොනක් අල්ලමිනේ....
මහ හිමි නමක් විලසට....
මතු දා ඔබෙ හැසිරීමත්....
කියාපාන්නේ....

අනිත් හිමියනුත් සමඟින්....
දානයක ට වැඩලාදෝ....
ඔබ ගෙදරින් පැමිණි පසුව....
අද මගතොට වඩිනවදෝ....
පාසැල් යන ඔබේ වයසෙ....
කුඩා පුතෙක් දැකලාදෝ....
නිකමට මෙන් මට සිතුණා....

පුංචි මල්ලි එක්කල දැන්....
සෙල්ලම් බෑ පන්සලේ....
එයා ගෙදර තනියෙන් ඇති....
අම්මා එක්ක තනි වෙලා....
ඔයා බලන්නට එන්නම්....
පුංචි මල්ලියේ....
ඉක්මනට ම ලොකු වීලා....

උදේ ම මා පිබිදීලා....
හොඳට ගාථා කියවනවා....
මිදුල ඇමදලා අයෙත්....
හොඳට ගාථා කියවනවා....
ලොකු සාදුට හවස් යාමේ....
පාඩම් දෙමි ඒ ගාථා....

සොඳින් ඉගෙන ඒ ගාථා....
වියත් හිමි නමක් වීලා....
ගමත් නගා රටත් නගා....
ලොවත් නගන්න ට හිමියනි....
පතමි ඔබ ට වාසනා!....

කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments