දින දින ගෙවී.. මගෙ රන් පුතේ..දින දින ගෙවී..මගෙ රන් දුවේ.. ප්‍රතිඵල ඇවිත්.. ශිෂ්‍යත්වයේ....

මල් කැකුළු වන් මා සුරතල් දුවේ....
මල් කැකුළු වන් මා සුරතල් පුතේ....
හිනැහී සදා මා සනසන් දුවේ....
හිනැහී සදා මා සනසන් පුතේ....

දින දින ගෙවී....
මගෙ රන් පුතේ....
දින දින ගෙවී....
මගෙ රන් දුවේ....
ප්‍රතිඵල ඇවිත් ශිෂ්‍යත්වයේ....

ප්‍රතිඵල බැලූ මා දූ පුතුනි....
සතුටින් ද ඔබ දැන් අද දිනේ....
මව් පිය පැතුම් ඉටු කළ සොඳින්....
මා දුව පුතේ තුටු වී සොඳින්....
ගෙන යන්න ඉගෙනීම සැමදා සොඳින්....

ප්‍රතිඵල බැලූ මා දූ පුතුනි....
දුක් වූවදෝ ඔබ දැන් ඉතින්....
ප්‍රතිඵල මදී සිතලා සොවින්....
ඉටුු කළෙ නැතැයි මව් පිය පැතුම්....

ශිෂ්‍යත්වයෙන් ඔබ අසමත් වුවත්....
දිරි ගෙන සිතින්....
හැකි වෙර යොදා....
ඉගෙනීම නිබඳා....
කළදා දුවේ....
ඉගෙනීම නිබඳා....
කළදා  පුතේ....
මතු දා වාසනා වේ මගෙ රන් දුවේ....
මතු දා වාසනා වේ මගෙ රන් පුතේ....

මා පිය පැතුම් හැම ඉටු කොට සොඳින්....
රට බබළවා, ලොව බබළවා....
ඔබේ නම රන්දා සිරි ලක් බිමේ....
ඔබේ නම රන්දා මේ මුළු ලොවේ....
පා නගන්නට ලොවට මගෙ රන් දුවේ....
පා නගන්නට ලොවට මගෙ රන් පුතේ....
දිරි ලැබේවා ඔබට සැමදා දුවේ....
දිරි ලැබේවා ඔබට සැමදා පුතේ....

සැම මව්පියනි, සැම ගුරුතුමනි....
රැක ගන්න දරුවන්....
මල් මෙන් සිතා....
නොරිදා ඒ පොඩි සිත් සදා....
ශිෂ්‍යත්වෙ දිනුවේ;
නැත යයි කියා....






කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments