සිත් මල් අහසට.. ඔබ පායාලා.. හිරු කුමරුන් සේ....

සිසිල් වළාවන් අතරින්.. එබිකම් කරලා හොරැහින්....
මා හද සලලා.. ගලා ඇවිත් ඒ හිරු රැස් මාලා....
සැඟවෙන්නේ කෙළෙසද මා දැන්..
ඒ හිරු රැස් අතරින්....
පිබිදීලා මා.. ඒ රන්වන් එළියෙන්....
නහවයි මා ගත.. ඔබ රැස් දහරින්....

විකසිත වීලා.. දිළි දිළි සැලෙමින්....
රන් මල් පිපිලා.. අද හැම පැත්තේ....
සැඟවෙන්නට බෑ.. දැන් නම් පෙර සේ....
සිත් මල් අහසට.. ඔබ පායාලා....
හිරු කුමරුන් සේ.. සිනා සිසී....

නැළවෙන මහදේ.. ඒ රැස් වැදිලා....
සිත් මල් සතුටින්.. විකසිත වීලා....
නැහැවෙමි ඒ.. හිරු රැස් අතරේ....
පිබිදෙන සියුමැළි.. කුසුමන් දැකලා....





කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments