සැම වෙත පතුරා ප්‍රේමය.... සමරමුු නත්තල අද දින....


දෙව් විමනක සිරි ගෙනෙනා
නත්තල මනරම්....
සොඳුරු සිතුම් හද සැළෙනා
කාලය මනරම්....

පවුලේ සැම මිතුරන් හා
ගෙවමින් සතුටින්....
සොඳුරු හැඟුම් හද සැළෙනා
කාලය මන‍රම්....

ජේසු සමිඳු උපත ලැබූ....
සීත මඳ නලිින් පිබිඳෙන....
කිතුණු දනන් හද බැතියෙන්....
සමරන නත්තල අද දින....

සුවඳ මලින් විකසිත වී....
පිබිදෙන සිරි අසිරිමතින්....
හැඩ වෙන නැළවෙන අප සැම....
නත්තල් ගී මියුරු සරින්....

සැම වෙත පතුරා ප්‍රේමය....
බැතිබර සිත් පුබුදාගෙන....
අසිරිමතින් විකසිත වෙන....
සමරමුු නත්තල අප සැම දෙන....



කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments