නැවුම් පැතුම් සිත දරා.. දෙපා තබමු නව වසරට සතොසින්....
නව වසරක් එළඹෙනා....
ආසිරි මල් පිබිඳෙනා....මෙත් සිසිලෙන් නැහැවෙනා....
දෑ බැති මල් පිබිඳෙනා....
සමඟි දමින් හැඩ වෙනා....
කුළුණු ගුණෙන් සපිරෙනා....
සිත් මල් සුවඳින් නැළැවෙන....
නව වසරක් එළඹෙනා....

රන් මැලි සෑ.. සමිඳු බෙලෙන්....
සිරිමා බෝ.. සමිඳු බෙලෙන්....
රැක දේවා.. අප සැම දෙන....
ආසිරි මල්.. වරුසාවෙන්....
ගිය වසරේ.. ලැබු පැරඳුම්....
සිත් රිඳවුම්.. ලද ගෙරවුම්....
සිහියට ගෙන.. ලද ජය පැන්....
දෙපා තබමු.. සිත් සතොසින්....කාව්‍ය සංකල්පනාව
- ප්‍රියංජලී මංගලිකා
Comments
Post a Comment