පතමි ඔබට සුභ දවසක් මා මිතුරනේ....!


සිසිල් වළා අතරින්....
දසත අඳුර බිඳලා....
හිරු කුමරුන් ඇවිදිල්ලා....
ලොවම පුබුදුවන්නේ....

නව සිතිවිලි පිබිදී....
දවස උදා වේවා....!
සියලු වේදනා දුරුවී....
ගත සුවපත් වේවා....!

ලැබුු පැරදුම් නොසිතාලා....
දිරිය සිතට ලැබිලා....
ගත සවිමත් වීලා....
ඔබේ පැතුම් ඉටු වේවා....!

ලැබු පැරදුම් යොදලා....
දිරිය සිතට ලැබිලා....
අවදානම් දරලා....
ජයෙන් ජයම වේවා....!

සිත් මල් විකසිත වේවා....!
සුවඳ පිරී ඉතිරේවා....!
දසත සුවඳ පැතිරේවා....!
ලෝකෙම ලස්සන වේවා....!

කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments