දැයෙන් සමුගත් ආදරණීය මාධ්‍යවේදියාණනේ....

(2018 ජූනි 5 දින දැයෙන් සමුගත් ආදරණීය මාධ්යවේදියාණනේ)


පුබුදු කරමින් සියළු සිත්සතන්..
බින්දා නිහඬතාවය අපූරුවට..
වදනින් වදන එක් කරමින්..
හීන්සීරුවට..
රස පදවැල් එක් කළා අපූරුවට....

ගෙන ගියා අප සොඳුරු ලෝකයකට..
නවයයි පහෙන් අපූරුවට..
ලොවෙහි අරුමය ගෙනහැරපාමින්..
අප සිත්සතන් පුබුදු කළා..
මනබඳින විලසින් ම....

වදන් හැසිරවීමත්..
තවත් එක් කලාවක් බව..
පසක් කළා ඔබ අපූරුවට..
දැනුඳු රැව් පිළිරැව් දෙමින්..
ඔබේ හඬ උස් පහත් වන..
ඒ අපූර්ව තාලය..
අප දෙසවනෙහි..
දුක් ගීයක් මුමුණන්නාක් මෙනි..

මනබඳින ඔබේ හඬ..
පවනට මුසුකරමින්..
ගලා ගිය ඒ අසිරිමත් වදන් ඇත..
අද ගොළු වෙලා....

දිවියක අනියත බව ඔබ..
මනාව ඔප්පු කළා අප සැමටම..
ඔබේ අපූර්ව ඒ වදන්..
යළි කවදා ඇසේවිද අපට....

කෘතහස්ත සොඳුරු මාධ්‍යවේදියාණනේ..
ලක් මෑණියන් කඳුලේ හෙළා..
දැයෙන් සමුගන්නා ඔබෙන්..
අප ලද සේවය අපරිමාණය....

යළිත් අප දෙසවන් තුළ..
සැබෑවට ම ඔබේ හඬ රැඳෙන්නට..
නුදුරුම දිනෙක ඉපදේවා අප අතරම..
නව පරපුරට ගුරුහරුකම් දෙමින්..
මා ලක් මෑණීයන් පුබුදන්නට..
ආදරණීය මාධ්‍යවේදියාණනේ....


..........හේම නලින් කරුණාරත්න ............
කෘතහස්ත ප්‍රවීණ මාධ්‍යවේදියාණෙනි
ඔබට නිවන් සුව පතමු!...!

සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments