Posts

Showing posts from 2019

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
දැනට 27,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා  අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 27K. Of-course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා කවි පදත් මනරම්..

හොඳම වෙදතුමිය ඇය ඒ වසරේ ම.......

Image
ඉන්නව ඇඳන් ළඟ මව්වරු දෙන්නෙක් ම.... දරුවා බිහි කරන දින නියමයි අද හෙට ම.... අර මව වෙද තුමිය මේ ඉස්පිරිතාලේ ම.... මේ මව ගෘහණියකි නිරතුරු නිවසේ ම.... එකවර කෙඳිරියක් ඇඳ ළඟකින් ආවේ.... මුල් මව සිටි ඇඳෙන් ඒ කෙඳිරිය ආවේ.... ළඟ ම සිටි හෙදිය බිය වී කඩිමුඩියේ.... බැලුවා ළං වෙලා මොකදැයි හිටිහැටියේ.... විමසා ඇගෙන් මන්දැයි ඒ හඬ ඇසුනේ.... තිරණෙ කළා මන්දැයි ඒ හැඳිනමිනේ.... කළබල වෙලා ගෙන ඇමතුම ඉක්මණිනේ.... සැළ කර සිටිය වෙද හට සිටි නිසි අසුනේ.... වෙද තුම එමින් සිටියා මග ටිකක් දුර.... ළඟ සිටි අනිත් මව බැලුවා මොකද අර.... ඒවන විටත් ඇය සිටියේ මහත් බර.... වේදනාවක ගියා එය අද ගොඩක් දුර.... හැඳින විගස වෙද මව තම කුස ඔසවා.... නැඟිටින ගමන් ළඟ සිටි හෙදියව කැඳවා.... සුදානම් කළා ඊළඟ දේ මොනවා.... දැනි දැනි තම කුස තිබූ වේඳනාවත් සඟවා.... විගසින් ගියා ඇය ප්‍රසූතගාරය ට.... කැඳවා හනික උපදෙස් දී හෙදියන් ට.... පටන් ගත්තා සේවය ඇගෙ කැප වෙන් ට.... දරුවා බිහි කළා මව පින්සිදු වෙන් ට.... වෙදදුරුවරිය දැක සුරතල් බිළිඳු වත.... වැතීරී සිටිය එතනින් විත්, ඇගෙ යහන මත.... දඟලන්න ට වුණා ඇය හෙමිහිට යහන මත

පොත් පිටු අතරේ ගිලී නාන්නට සාහිත මාසේ ආවා.......

Image
බිනර මලින් පිරි.... සාහිත මාසේ ආවා....... පොත් කියවන්නට.... ඒ රසය විඳින්නට.... සාහිත මාසේ ආවා....... සාහිත උළෙලත්.... පොත් සල්පිළෙනුත්.... සාහිත රුචියත්.... එක්වී බැබළෙන.... සාහිත මාසේ ආවා....... මිනිසා සපිරුණු.... වන්නේ යම් සඳ.... ඔහු ඇය කියවිය යුතුමය පොත පත.... නව පොත් ලියවී.... පිට වෙයි නොදැන ම.... ඒ පොත් පිටු අතරේ.... ගිලී.. නාන්නට.... එන්න ප්‍රියේ....... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා

මසිත බැති කුසුම්.. පුදමි සෙනෙහසින්....

Image
ඔබෙන් ලද පන්නරය.. මෑණියනි, පියාණනි.. සිහි කරමි බැති සිතින්.. සැම දිනේ.... අයනු, ආයනු හැඳින.. ගුරු ගෙදර අකුරු කළ.. සිහි කරමි හදවතින්.. සැම දිනේ.... බිළිඳු මා සිත සවිය.. ඇති කළා පොත පතින්.. වඳින්නම් ඔබ දෙපා.. ගුරුමව්නි පියාණනි.... ජීවිතය හරවත්ව.. ගෙන යන්න හුරු කළා.. ජයක් දිවියේ ලැබගන්න.. අවැසි බව මතු කළා.... දිනෙන් දින වැඩී සිත.. පොත පතට හුරු වුණා.. දිනෙක මේ ජය ගන්න.. උත්සහය වැඩි වුණා.... සෙනෙහසින් සිහි කරමි.. බැතිබරව සැම දෙනම.. ඔබ නොවේනම් කොහොම.. ලැබ ගන්නෙ මේ දිනුම.... මෑණියන් පියාණන්.. ගුරුමවුන් පියාණන්.. නමදිමින් ඔබ දෙපා.. පුදමි තුති හද බැතින්.... මා සමඟ අකුරු කළ.. මා මිතුරු මිතුරියන්.. සිහිකරමි සෙනෙහසින්.. පුදා මේ කවි කුසුම්.... සැම මිතුරු මිතුරියන්.. දිරිය දුන් සැමදාම.. සිටියෙ සෙවණැල්ල මෙන්.. සිහි කරමි හදවතින්.... වැටි වැටී නැඟිටිමින්.. දිවිය ගෙන යන හැටී.. කියා දුන්  සැම දෙනම.. සිහි කරමි මම් මෙසේ.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
දැනට 26,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා  අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 26K. Of-course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා ක