හොඳම වෙදතුමිය ඇය ඒ වසරේ ම.......


ඉන්නව ඇඳන් ළඟ මව්වරු දෙන්නෙක් ම....
දරුවා බිහි කරන දින නියමයි අද හෙට ම....
අර මව වෙද තුමිය මේ ඉස්පිරිතාලේ ම....
මේ මව ගෘහණියකි නිරතුරු නිවසේ ම....

එකවර කෙඳිරියක් ඇඳ ළඟකින් ආවේ....
මුල් මව සිටි ඇඳෙන් ඒ කෙඳිරිය ආවේ....
ළඟ ම සිටි හෙදිය බිය වී කඩිමුඩියේ....
බැලුවා ළං වෙලා මොකදැයි හිටිහැටියේ....

විමසා ඇගෙන් මන්දැයි ඒ හඬ ඇසුනේ....
තිරණෙ කළා මන්දැයි ඒ හැඳිනමිනේ....
කළබල වෙලා ගෙන ඇමතුම ඉක්මණිනේ....
සැළ කර සිටිය වෙද හට සිටි නිසි අසුනේ....

වෙද තුම එමින් සිටියා මග ටිකක් දුර....
ළඟ සිටි අනිත් මව බැලුවා මොකද අර....
ඒවන විටත් ඇය සිටියේ මහත් බර....
වේදනාවක ගියා එය අද ගොඩක් දුර....

හැඳින විගස වෙද මව තම කුස ඔසවා....
නැඟිටින ගමන් ළඟ සිටි හෙදියව කැඳවා....
සුදානම් කළා ඊළඟ දේ මොනවා....
දැනි දැනි තම කුස තිබූ වේඳනාවත් සඟවා....

විගසින් ගියා ඇය ප්‍රසූතගාරය ට....
කැඳවා හනික උපදෙස් දී හෙදියන් ට....
පටන් ගත්තා සේවය ඇගෙ කැප වෙන් ට....
දරුවා බිහි කළා මව පින්සිදු වෙන් ට....

වෙදදුරුවරිය දැක සුරතල් බිළිඳු වත....
වැතීරී සිටිය එතනින් විත්, ඇගෙ යහන මත....
දඟලන්න ට වුණා ඇය හෙමිහිට යහන මත....
දැනුණා ළඟ ම බව දරු බිහි කරනා මොහොත....

හෙදියව කැඳවලා සැළ කර ඒ පුවත....
දරුවා බිහි කළා වෙදදුරු උදව් මත....
අද මා පවසලා සතුටින් මේ පුවත....
ඔබ හට හෙළි කළා ඇයගේ සියළු වත....

හොඳම වෙදතුමිය වූවා ඇය ඒ රටට!....
හොඳම දෙයක් කළෙ ඇය ඒ සුළු කලට!....
වටිනව අනේ වටිනව එය ලොවට හෙට!....
පුදනව මගේ මේ කවි මල් මිට ඇය නමට!.....

කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments

  1. Harrah's Resort Atlantic City - MapYRO
    Harrah's Resort Atlantic City is a 동해 출장안마 hotel and casino located in Atlantic City, New Jersey. Harrah's Atlantic City Hotel 포항 출장안마 is a 1-minute walk from Harrahs  Rating: 6.3/10 · ‎3,066 reviews · ‎Price range: $$$How is Harrah's 동해 출장안마 Resort Atlantic City 밀양 출장샵 rated?What days are Harrah's Resort Atlantic City 부산광역 출장마사지 open?

    ReplyDelete

Post a Comment