පීතෘ වන්දනා....


මිහිමඬලේ උපන්.. පියවරු නමින්....
පුදමි බැතින්.. මේ කවි කුසුම්....
වේ ඔබ තුටින්.. ලැබු දූ පුතුන්....
වඳිනෙමි බැතින්.. පුදලා පියුම්....

සුදොවුන් රජුන්.. වැනි පියවරුන්....
සිහිකර බැතින්.. පුදදෙමු කුසුම්....
දුන් ඔවදනින්.. පිය සෙනෙ කිමැයි....
ලොව වෙත බැතින්.. සසුනට පුතුන්....

බිම්සර රජුන්.. පිදු සෙනෙහසින්....
සිහිකර තොසින්.. වඳිනෙමි බැතින්....
බෝදුක් දැරූ.. සිය පුතු නමින්....
පලලා දෙපා.. මැරුවත් තමන්....

මේ සංසාරයේ.. මගෙ පියවරුන්....
සිහිකර බැතින්.. පුදමි බැතින්....
මේ විශ්වයේ ..සැම පියවරුන්....
සිහිකර බැතින්.. පුදමි බැතින්....

සුරතල් පුතුන්.. සුරතල් දූන්....
ලැබු පියවරුන්.. වේ හැම තුටින්....
සෙනෙහස පුදා.. බැතිබර සිතින්....
රැකගන් පියා.. පුදදෙන් පියා....

තනි නොකරමින්.. ඔබෙ ආදර පියාණන්....
පුද දෙන් බැතින්.. සිහිකර ඔබ පියාණන්....
නිති ඉවසමින්.. ඔබ රැකගත් දයාවෙන්....
රැකගන් සොඳින්.. දරුවනි ඔබ පියාණන්....

උතුම් පියවරුන් වෙනුවෙන් මෙම කවි උපහාරයක් ම වේවා!








කාව්‍ය සංකල්පනාව
ප්‍රියංජලී මංගලිකා

Comments