සියළු දන සුවපත් වෙලා.. කොරෝනා බිය තුරන් වේවා!
ලොවම අඳුරේ වෙලා ගෙන අද.. කොරෝනා රෝ බිය නිසා....
නතර වීලා වගෙයි ලෝකය.. සොබාදහමේ නඩු අසා....
මරණෙ සැමටම උරුම වූවත්.. මතු දිනෙක අප සැම දෙසා....
මිනිස් බව ලැබ කෙලෙස ඉවසම්.. ඇහෙන දකිනා දේ නිසා....
නතර වීලා වගෙයි ලෝකය.. සොබාදහමේ නඩු අසා....
මරණෙ සැමටම උරුම වූවත්.. මතු දිනෙක අප සැම දෙසා....
මිනිස් බව ලැබ කෙලෙස ඉවසම්.. ඇහෙන දකිනා දේ නිසා....
මහළු මව්පියො, තනි වෙලා අද.. නෑ දරුවො ළඟ දුරු රට....
දරුවො සිටියත්, තනි වෙලා හැම.. බෑ ගොසින් දුක් අසන්ට....
වෙන්කලත් බිළිඳුන්, තනි වෙලා මව සහ පියා.. විඳින ඒ දුක් අසන්ට....
අනේ දෙවියනි, පිහිට වෙනු මැන.. දෙමව්පිය දුක් නසන්ට....
පිහිට වුන මැනේ දෙවියනි.. සියළු සත වෙත ලෝකයේ....
දිවා රෑ නොනිඳා වෙහෙසෙනා.. රණවිරුවො මුර සේවයේ....
රකිනු මැන, ඒ රෝ බියෙන් හැම.. වෙඳදුරන් හෙද සේවයේ....
බිළිඳු දරුවන්, මෑණියන් හැම.. ගැබිණි මව්වරු, ලෝකයේ....
දුරුවුනා ඒ, තුන් බියම ඒ.. රතන සුතුරේ අනුහසින්....
සැනසුණා සැම, විසල් නුවරේ.. රතන සුතුරේ පැන් බෙලෙන්....
ලොවම සනසා, අඳුර පලවා.. දෙන්න හනිකේ බුදු බලෙන්....
ජය සිරිමා බෝ සමිඳු බලයෙන්.. රුවන්වැලි සෑ අනුහසින්....
සියළු දන සුවපත් වෙලා.. කොරෝනා බිය යයි ලොවෙන්....
සියළු දන සුවපත් වෙලා.. කොරෝනා බිය යයි ලොවෙන්....


කාව්‍ය සංකල්පනාව
ප්‍රියංජලී මංගලිකා
ප්‍රියංජලී මංගලිකා
Comments
Post a Comment