අම්මා song

START 

තම් දන තානා තන තම් දන තාන තනා.. 
තෙයි තන තානා තන තම් දන තාන තනා.. 

සම්මා සම්බුදු සේමයි මා වැඩු මගෙ අම්මා 
නම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මා 
අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බැහැ නිම්මා 
සම්මා සම්බුදු සරණයි මා වැඩු මගෙ අම්මා..

 OR 

දස මාසේ උරේ කත්වා පෝසේසි වුද්දිකාරණං 
ආයු දීගං වස්ස සතං මාතු පාදං නමාමි.. 

 OR

මහාමායා දේවි ළඟට; ප්‍රජාපතී සාදු සාදු..
මහා සෙනහසේ තොටිල්ල; බෝසතුන්ට සෑදු සෑදු..
ප්‍රජාපතී වෙන්නට බෑ; තිබුණට සිතිවිලි මැදහත්
ඔබේ පුතා වුනාට මම නොවේය  කුමරුන් සිදුහත්..       

අම්මේ  ඔබ මා වැදූ.. 
වේවා ලොව මතු බුදු..
අම්මේ  ඔබ මා හැදූ..
 වේවා ලොව මතු බුදු..         


ඇත්තද  අම්මේ මගේ විස්තරේ ගියාලු එදවස ඉරිදා පත්තරේ...
කුණු ගොඩෙ ඉදලද මාව ගෙනාවේ නොසොයා වත ගොත ඇත්තම මාගේ...
උණුවී ඔබෙ හදවත අම්මේ.. තැනුවා මා පුතු ලෙස ඔබගේ...
පුදුමයි අම්මේ ඔබෙ කරුණා ඇස.. නොවුනට ලේ කිරි වූයේ...

මව් දෙතනේ කිරි එරෙන්න..  අඬන්න ඕනලු අම්මේ...
ඇඬුවොත් ඔබ මට පෙනෙන්න.. දරන්න නම් බෑ එය අම්මේ...
කොච්චර ඇඬුවත් මා.. ඔබේ ලේ ටික කිරි නොවුනා කියා... 
දෙපා වඳින්නම් සැමදා අම්මේ.. මගේ දෙඅත් මුදුනෙ තියා...

දෙතනේ කිරි වෙනුවට අම්මේ.. උණන කඳුළු මුසු කරලා..
     පෙව්වේ මට කිරි සූප්පුවෙන්...
ලොවටම කියලා දිව්‍ රාලා.. මා ඔබෙ පුතු ලෙස ආදරයෙන්...
ඔබෙ ආදර විලෙ මා එක මලකිය.. සැනසුම ඔබමය මට අම්මේ...

රටට දැයට ඔබ වාසනා.. මේ මුළු ලොවටම වාසනා...
අම්මා!.....
සුවඳ දේවා  මතු මතුත්.. පතළ වීලා මව් ගුණ ඔබේ...
උපහාර වේ මේ ගී කුසුම්!..
අම්මා!.....
මාතු පාදං නමාමි!.....

Comments

Post a Comment