මිලින කුසුම්.....

 විකසිත විණි තඹරු මලක් මෙන්...

ඒ තරුණ කුමරිය....

විකසිත වත්ම ඒ සියුම් මල් පෙති,

තලා වනසන්නට තරම්

සැහැසි වූවෝ කවුරුන්ද?

මිනිස් භවයේ උපත ලද්දන්ම නොවේද?


මාපිය හදේ දැවෙනා ලසෝ ගිනි.....

කාට නම් නොපෙනේද?

මිනිස් වෙසින් දිවි ගෙවන්නාවූ

මෙවන් මිනිසුන්ගෙන්,

රැකගත යුතුය ඒ තඹරු මල්.....

නැතහොත් කෙසේ විකසිත වන්න ද,

ඒ සියුම් මල් පෙති..........





කාව්‍ය සංකල්පනාව

 - ප්‍රියංජලී මංගලිකා


Comments