විභාගය....
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEithqpwHj2fTNx33Um9BCx_y7Qn9ubCHkCK6_fqNoQ1Kxhz1g96VYMd2RjqXUjERNqsZxvBZoHbhG382_Yj5voIi89bS6k-UNY5kZ7p3_pRrsaDi0BX_Ita_hHp_wxFkwQznNq8GgSjhTY/s320/sri_lanka_ol_exam_2007.jpg)
කොවුලා වසන්ත සමයට අඬ ගසාවි.... වසන්ත සමයක උදාව පතුරවාවි දසතම.... මාගේ වසන්තය වෙත අඬ ගසාවි විභාගය.... ඒ සුමිහිරි වසන්තයේ උදාව පතුරවාවි ද නොදනිමි....... නමුත් හෙට පිය නඟන්නෙමි.... විභාග මධ්‍යස්ථානය වෙත; එළඹෙන දිනේ වසන්තය උදා කර ගන්නට....... තරඟකාරීත්වය හමුවේ ජය ගන්නට නම්, මා නිවැරදිව මුහුණ දිය යුතුය එයට.... එසේ නොවුනහොත්........ ඒ සුන්දර ජීවිතය; මිරිඟු සයුරක් නොවන්නෙහිද එදිනට?..... මා පිය අපේක්ෂා සුණු විසුණු වී යත් ම; හදවතේ පසුතැවිලි නිබඳවම වද දේවි මාහට....... දිවියේ සාර්ථකත්වය කෙසේ ලබන්නෙම් ද මම්? නොදනිමි තවම; නමුත් එක් දෙයක් පසක්ව ඇත....... මවිසින් විභාගය දිනිය යුතුව ඇත....... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා