විභාගය....


කොවුලා වසන්ත සමයට අඬ ගසාවි....
වසන්ත සමයක උදාව පතුරවාවි දසතම....
මාගේ වසන්තය වෙත අඬ ගසාවි විභාගය....
ඒ සුමිහිරි වසන්තයේ උදාව පතුරවාවි ද නොදනිමි.......
නමුත් හෙට පිය නඟන්නෙමි....
විභාග මධ්‍යස්ථානය වෙත;
එළඹෙන දිනේ වසන්තය උදා කර ගන්නට.......
තරඟකාරීත්වය හමුවේ ජය ගන්නට නම්,
මා නිවැරදිව මුහුණ දිය යුතුය එයට....
එසේ නොවුනහොත්........
ඒ සුන්දර ජීවිතය;
මිරිඟු සයුරක් නොවන්නෙහිද එදිනට?.....
මා පිය අපේක්‍ෂා සුණු විසුණු වී යත් ම;
හදවතේ පසුතැවිලි නිබඳවම වද දේවි මාහට.......
දිවියේ සාර්ථකත්වය කෙසේ ලබන්නෙම් ද මම්?
නොදනිමි තවම;
නමුත් එක් දෙයක් පසක්ව ඇත.......
මවිසින් විභාගය දිනිය යුතුව ඇත.......




කාව්‍ය සංකල්පනාව

 - ප්‍රියංජලී මංගලිකා

Comments