සිනහව....



නොවින්ඳෙමි සතුටක සේයාවකුඳු;
එනමුත් සිනාසුනෙමි විටෙක.
හදවතට දැනුණු වේදනාවෙන්
යම් පමණකට හෝ මිදෙන්නට මෙන්;
උරුම කර දුණි ඒ නිමේෂයට;
සතුටක සේයාවක්.......
කුමක් නමුත් සියුම් වෙනසක්
වන්නට ඇත, ඒ සිනහවෙන්.......
හැඳින නොගත්තෙමි;
ඒ ගැඹුරු වෙනස;
සිනහවක් නොහඳුනන හදක් මෙන්.......
කුමක් විද මේ මිනිස් මනසට....
සිනහවක් හඳුනන්ට තරම්වත්;
ඇයි මසිත හැඟුම් බර නොවූයේ?........


කාව්‍ය සංකල්පනාව

 - ප්‍රියංජලී මංගලිකා

Comments