ප්‍රේමය....
විඳිනෙමි වේදනා; ජිවිතය පුරාවට....... කඳුළු බොමි පිපාසය නිවාලන්නට; හදේ දැනෙනා....... අවංක වීමි හදවතට.. ආදරය පුද දී, මියෙන්නට තරම්; මහද අසරණය....... මන්ද යත්, මම ඔබට පෙම් කරමි. විටෙක සිනාසුනෙමි; ආදරයේ සේයාව වැටී....... ඒ සේයාව මැකී යන්නට වූ සඳ, මහද හඬන්නට වූ නමුඳු පවිත්‍ර ප්‍රේමය; මා මිරිඟු සයුරක.. තනිකරන්නට තරම් කුරිරු විය. කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා