වෙසක් සඳේ සඳ එළියෙන් ලොවම දිලෙන්නා!
ලොවේ අඳුර පලවා.. නැඟේ සුපුන් සඳ කෙමෙන් කෙමෙන්.. වළා සිදුරු අතරින් එබී බලා සැණෙකින්.. දිලේ දිලේ සතොසින්.. ලොවේ අඳුර දුරලූ.. ලොවට සුවය සෑදු.. ලොවට සෙතම සෑදු.. වඳිමුු වඳිමුු මුනිඳු.... වෙසක් සඳේ සඳ එළියෙන් අහස දිලෙන්නා! සිසිල් සඳේ සඳ කිරණින් ලොව නැහැවෙන්නා! දම් අම ගංගා ගලමින් සුුවය සදන්නා! මිහිතලයම ඒ සිසිලෙන් සැනසී යන්නා! සිහි කරමි මම් බැති සිතින්.. බුදු පියාණනි නමඳිමින්.. උතුම් බුුදු ගුණ සිත දරන්.. තනන්නට වෙසඟ සිරි කව් සැදැහැයෙන්.. පුරා දස පාරමී විරියෙන්.. ලොවට වැඩි අප බුදු පිියාණන්.. උපන් ඒ සල් මල් උයන්.. සුපිපි නෙළුමන් මතින් පියමන්.. මහත් දුක් හැම දරාලා.. මැදුම් පිළිවෙත පුරාලා.. මහත් විරියෙන් භවුන් වඩලා.. උතුම් බුදුබව පසක් කරලා.. ලොවේ ඝණඳුර දුරු වුණා.. ලොවේ සැම දන තුටු වුණා.. ලොවේ සැම සත පිබිඳුණා.. සදෙව් ලෝතල තුටුු වුණා.. නොදනිම් සම්බුදු පියාණනේ.. කෙසේ ඔබ ගුණ වයන්නෙම්.. දරා සිත බැති මල් පියුම්.. පුදමි සම්බුදු පියාණනේ.. පතුරා මෙත් කරුණා ගුණ.. නිවාලා සැම සත දුකින.. ගෙවාලා දුර පා ගමනින.. භවේ ඝණඳුර නිමා කරමින.. සිහිකරමු තෙමඟුල බැති සිතන්..