Posts

වැස්ස වළාහක දෙවියනි, දිවැස් හෙළනු මැන...

Image
දිවැස් හෙළන්න.. දිවැස් හෙළන්න.. මේ දුක් අහසට.... විකසිත කරන්න.. විකසිත කරන්න..  මගේ මේ මිහිකත.... සියලු දන හද සනසා.. පිහිනා එන්න.. පිහිනා එන්න.. විගසින්ම.. විගසින්ම.. පුබුදු කරනු මැන.. පුබුදු කරනු මැන.. මගේ ලක් මාතාව.. ඔබේ  සිසිල් දිය දහරින්.. රැක ගනු මැනව.. රැක ගනු මැනව.. හිරුගේ උ ණුසුම් රැස් දහරින්.... මගේ ලක් මාතාව.. පෙර රැකූ ලෙසටත් වඩා.. මහත් අදරින්.. මහත් අදරින්....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 6K. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations.

වසන්තය ඇවිල්ලා....

Image
සිසිල් පවන් සැල් ගත දැවටෙනා.... සිසිල් පිණි පොදින් විකසිත වෙනා.... තුරුලතා මලින් නැහැවෙනා.... සීත මීඳුම් දුහුල් සළු එළනා.... විහඟ ගී නඳින් පිබිදෙනා.... තුරු හිස් ඵලින් බබළනා.... මිහිමඞලේ නව පණ ලබනා.... සිසිල් හැඟුමින් හද විකසිත වෙනා.... සිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්.... සිත පුරා මල් සිහින පෙනෙනා වසන්තය ඇවිදින්.... ගත පුරා සිසල විඳිනා වසන්තය ඇවිදින්.... මන බඳන සොඳුරු වසන්තය ඇවිදින්.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

අවුරුදු කුමරු වඩින්නේ.......

Image
සමන් දෙවිඳු කරුණාවෙන්.... අලුත් ඉරක් පායන්නේ.... අලුත් සහල් මංගල්ලෙන්.... සිරිමා බෝ සමිඳු පුදන්නේ.... වැඩ අත් හැරලා.... පන්සල් යන්නේ.... බුුුදු හිමි වැඳලා.... දෙවියන් පුදලා.... අවුරුදු ලබලා.... සිත් මල් පිපිලා.... අවුරුදු කුමරු වඩින්නේ........ ලිප ගිණි මොලවා.... කිරි උතුරාලා.... කිරිබත් පිසලා.... වැඩ අල්ලාලා.... ගණු දෙනුු කරලා සැම දෙන තුටු වී..... අවුරුදු සිරියෙන් පිබිදීලා.... ගස් වැල් පිබිදී නව පණ ලබලා.... මල් ඵල බරවී තුටු වීලා.... හිස තෙල් ගාලා.... ගත සිත පිබිදී.... අවුරුදු සිරියෙන් සැනසීලා.... නෑගම් යන්නේ සතුට බෙදන්නේ.... සැම සිත් සමඟිව තුටුු වන්නේ... සතුට ලබන්නයි සතුට පුදන්නයි.... අවුරුදු කුමරු වඩින්නේ........ කිරි දියර නහවා....!! ගත සිත සතුට ගාවා....!! යස ඉසුරු බෝවා....!! අලුත් අවුරුදු ජයම වේවා....!! ඔබටත් පවුලේ සැමටත් සිත් මල් විකසිත වන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා! Wishing U & Ur Family a Happy, Peaceful, Prosperous New Year! කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 5K. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations.

හදේ කුසුමන් පිපිලා...

Image
නිසල අහසක්.... සසල දෙනෙතක්.... පිබිදිලා මා හදේ කුසුමන්.... සිසිල් සුළඟින්.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පියෙකුගේ සිහිනය.......

Image
ලී ඉරවාලා  කැටයම් කපලා... දිවා රෑ දෙකේ වෙහසෙන්නේ... දෑතේ සවිබල දින දින ගෙවිලා... මා පුතු දින දින ලොකු වෙන්නේ... කටුවෙන් ධන රේඛා මැකී ගියත් මා දෑතේ... ඔබට ඔටුනු පළදන්නයි පුතුනේ... මාගේ සිහිනය මල් පල ගැන්වී... ඔබ උගතකු වී රට බබළන්නේ... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා