Posts

Surathal Puthu Hinehenawa.... Monawada Mata Konduranawa....

Image
Surathal Puthu Hinehenawa.... Mona Monawada Wimasanawa.... Singithi Sirasa Solawa Solawa.... Monawada Mata Konduranawa.... Deesama Dalwagena Den.... Monawada Puthu Wimasanne.... Amma Ekka Sanduwenna.... Wage Puthu Serasenne.... Amma Kiwwa De Denila.... Do Puthune Hinehenne.... Eheta Meheta Keraki Keraki.... Deeth Depa Solawanne.... Surathal Muwa Solawa Solawa.... Thawa Monawada Wimasanne.... Amma Ekka Awidinnata... Do Puthu Me Dangalanne.... Hiti Hetiyema Sina Sala.... Singithi Depa Solawala.... Deeth Depa Widala.... Thaththawa Dekala.... Surathal Puthu Hinehenawa.... Singithi Sina Rew Denawa.... Singithi Sirasa Solawa Solawa.... Monawada Den Konduranawa.... Created By Priyanjalee Mangalika

Sithanna Hekinam Dinanna.. Dinume Arambuma Eya We Sithanna....

Image
Sithanna Heki Nam Dinanna.... Dakinna Heki Nam Dinanna.... Thabanna Piyawara Thabanna.... Dinanna Dinanna Sithanna.... Thabanna Piyawara Thabanna.... Nisi Maga Osse Thabanna.... Sithanna Dinanna Sithanna.... Dakinna Sithanna Dinanna.... Duwanna Nisi Maga Duwanna.... Wiriyen Duwanna Duwanna.... Duwanna Noweti Duwanna.... Wetunath Sithanna Dinanna... Wetune Mandei Sithanna.... Nuwanin Sithanna Sithanna.... Newathath Duwanna Duwanna.... Duwamin Sithanna Dinanna.... Sithanna Hekinam Dinanna.... Dakinna Hekiwe Dinanna.... Duwann Hekinam Dinanna.... Labanna Hekiwe Dinanna.... Sithala Dekala Manasin Duwala.... Dinala Dinala Manasin Dinala.... Duwala Duwala Sebewin Duwala.... Dinala Dinala Sebewin Dinala.... Created By Priyanjalee Mangalika

මාතෘ වන්දනා....

Image
මිහිමඬලේ උපන්.. මව්වරු නමින්.... පුදමි බැතින්.. මේ කවි කුසුම්.... වේ ඔබ තුටින්.. ලැබු දූ පුතුන්.... වඳිනෙමි බැතින්.. පුදලා පියුම්.... සිහිකර බැතින්.. මායා මවුන්.... පුදදෙමු කුසුම්.. අප සැම බැතින්.... ගෝතමි දේවි.. වැනි මව්වරුන්.... රැකගත් තමන්.. වැදු පුතු ලෙසින්.... බිම්බා දේවි.. රාහුල මවුන්.... සිහිකර තොසින්.. වඳිනෙමු බැතින්.... බෝ දුක් දැරූ.. සීවලි මවුන්.... සුප්පවාසා දේවි.. සත්වසරක් බැතින්.... මේ සංසාරයේ.. මගෙ මව්වරුන්.... සිහිකර බැතින්.. පුදමි බැතින්.... මේ විශ්වයේ ..සැම මව්වරුන්.... සිහිකර බැතින්.. පුදමි බැතින්.... සුරතල් පුතුන්.. සුරතල් දූන්.... ලැබිලා මවුන්.. වේ හැම තුටින්.... අහසින් ඇවිත්.. සඳමඬලින් ඇවිත්.... රැකගන් මවුන්.. පුදදෙන් මවුන්.... සතර වරම් දෙවි.. පිහිටත් ලබා.... සිරිමා බෝ.. පිහිටත් ලබා.... රන්මැලි සෑ.. පිහිටත් ලබා.... දිගුකල් රැකේවා.. ඔබ සැම සොඳින්.... තනි නොකරමින් දරුවනි.. ආදර මෑණී.... සිහිකර මව් ගුණය සැමදා.. ඔබෙ මෑණී.... නිති ඉවසමින්.. ඇය ඔබ රැකගත් ලෙසිනී.... රැකගන් සොඳින්.. දරුවනි ආදර මෑණී.... උතුම් මව්වරුන් වෙනුවෙන් මෙම කවි උපහාරයක් ම වේවා!

කවි සිත අද්දරට වී...........

Image
හැඟුම් පිබිදී විසිරිලා යයි.. ගනිමි එක්කොට සෙනෙහසින්.... සිතම පිරිලා සිසිලසින්.. ගලන කවි සිතුවිලි වලින්.... හිනැහීලා සැනසිලා මා සිත.. රඟන රංගන තාලයෙන්.... විඳිමි නැහැවෙමි පිහිනමින් මම.. කවි ගඟුලෙ දිය රැළි මතින්.... නැවතිලා කවි සිතක් අද්දර.. විසිරෙනා පදවැල් පුරා.... රැගෙන කැටි කොට පුබුදුවමි මම්.. ඒ හැඟුම් මා සිත අරා.... වැටෙන හිරු රැස් දිළි දිළී.. ඒ සියුුම් කුසුමන් පුරා.... සියුුම් පෙති විකසිත වෙවී.. සුවඳ දසතම යයි සොරා.... කවිකාර මා සිත පුරා.. නැඟෙන සංවේදනා.... පුබුුදුවා සිතිවිලි පුරා.. මවමි කවි පද ගායනා.... සැලෙන ලිය වැල් අතු පුරා.. ගෙතෙන කවි මල් සුව දෙනා.. අරුත් කැටිකර රස පෙරා.. පුදමි මා කවි ඔසු මෙනා.. කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා

ඇයි අම්මෙ නොසිතන්නෙ මිනිසුන්.. මවකගේ සෙනෙහස දයා.. රකිත්වා අප සැමත් මිනිසුන්.. වෙන් නොකර පාමින් දයා..

Image
දැනේ අම්මේ මහ දුකක් මට.. ළං වෙලා ඔබ හා හිඳින්නට.. ළං වෙලා ඔබ බස් අසන්නට.. දිනේ කවදාද එන්නේ.. එක් වෙලා පෙර මෙන් හිඳින්නට.. එක් වෙලා පෙර මෙන් දුවන්නට.. දන්නවද අම්මේ, මං හැඬූ හැටි.. ඔබ මගෙන් වෙන් කළ එදා.. අදත් හඬනව හදවතින් මම.. අම්මා නිතරම සිහිවෙලා.. හඬන්නට නෑ කඳුළු තව මගෙ.. දෙනෙත් අද මගෙ වියළිලා.. අම්මා යනතුරු ඔබ දෙපා ළඟ.. අනේ ඉන්නම් ගුළි වෙලා.. දුරස් වෙන්නට එපා අයෙත්.. අනේ අම්මේ මට දුකයි.. කෙසේ ඉන්නද ඔබ නැතිව මම.. අනේ අම්මේ මට දුකයි.. තුරුල් වීලා ඉන්න පෙරසේ.. අම්මේ ඔබ හා හරි හිතයි.. යන්න දෙන්නෙම නෑ ඔබට මම.. අනේ පෙර ලෙස මට දුකයි.. අනේ! දෙවියනි, ඇයිද මිනිසුුුන්..  නොසිතන්නෙ මේ ගැන තවත්.. සෙනේ ඉතිරෙන මවෙන් තිරිසන්..  උපදින්නෙ මා වැනි පුතුත්.. ළමා කාලෙදි තනි වුනෝතින්..  උහුලන්නෙ ඒ දුක මහත්.. අනේ! මිනිසුනි, වෙන් කරන්නට එපා.. තිරිසන් වුනත් අම්මා සහ මමත්.. ඇයි අම්මෙ නොසිතන්නෙ මිනිසුන්..  මවකගේ සෙනෙහස දයා.. නැතිවදෝ ඒ සිත් පුරා පැතිරෙන..  මෙත් කුළුණු ගුණ පා දයා.. මිනිස් මවකට දාව ඉපදුනු.. බිළින්දෙකු සේ සැම දයා.. රකිත්වා අප සැමත් මිනිසුන්

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
දැනට 20,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම්  ඉතා  අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 20K. Of-course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා කවි පදත

අම්මා....

Image
පායා සුපුන් සඳ විලසින් අප      නිවසේ.... ආලෝකය දෙමින් නිබඳව හැකි විලසේ.... සැමදා දෙමින් ආදර සිසිලස   සතොසේ.... දුක් සැම ඉසිලුවා නිබඳව හද      රහසේ....    දස මස කුස දරා අපමණ දුක්       වින්දා.... දින දින ගෙවී අප ලොකු වන      හින්දා.... සිහිනෙන් පවා සිතමින් දකිමින්   රන්ඳා.... අප ලොකු කරන්නට නව මාළිඟ බැන්දා.... සෙනෙහස් ගඟුලෙ අප පා කර හැමදාමත්.... ජීවය දුන්නා නැඟිටින්නට       හැමදාමත්.... වැටුණත් නැඟිටින්න දිරිගෙන හැමදාමත්.... අප සමඟින් සිටියා නෑ අහිතක් හැමදාමත්.... ඔවදන් දිදී රැක ගත්තේ දෙනෙත් මෙනී.... නිසිමග යවන්නට හැකි හැම විලාසෙනී.... දිරි දී සවිය දී නිබඳව             දයාවෙනී.... අම්මා තමයි මගෙ ලොව සැමදා රැජිණී.... ඔබ විඳි දුක් කඳුළු සිහිකර සිත   දුකිනී.... ඔබ දුන් අවවාද සැම මට       ඔවාමිණී.... විඳගෙන මගේ ජීවය මා නිති     පලිනී.... පුදදෙමි අම්මේ මේ ජීවය සිත තොසිනී....   කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා