ලක් සසුනඹරේ පහන් තරුව නිවි යයි.......








සඳහම් දියරෙන් ලොව නැහැ වූ
අරිය ධම්ම සමිඳේ.......
ලක් සසුනඹර දිලුණ
පහන් තරුව ඔබ.......

මෙත් දහරින්, සැම දන හද සනසා....
ලක් බුදු සසුනේ වැඩ සිට....
විනය ධරයි ඔබ ධර්ම ධරයි ඔබ....
අරිය ධම්ම සමිඳේ.......

සැම දන හද දම් සිසිලෙන් පුරවා....
මෙත් ගුණ දහමින් දහම් දෙසා....
ලක් දෙරණ ම විකසිත කරවා ලූ.....
අරිය ධම්ම සමිඳේ.......

බොදු දන සැනසූ....
අරි දම් සමිඳුනි,
බවුන් වඩා මතු උපදින භවයේ....
නිවන් දකිත්වා ඔබ සමිඳේ.......


කාව්‍ය සංකල්පනාව

 - ප්‍රියංජලී මංගලිකා

Comments

  1. නා උයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා

    ReplyDelete

Post a Comment