Posts

Showing posts from 2020

සංසාරේ අපි........

Image
වසර කිහිපයකි මිනිස් ලොවේ.... වසර කිහිපයකි අනෙක් භවේ.... කවදා කෙදිනක ඇරඹුම ජීවේ.... නොදනිමු අප සැම මේ භවේ.... දින, සති, වසරක් නොදැනිම ගෙවෙනා.... පුදුමයි අරුමය සසර පුරා.... දෙව් මනු තිරිසන් අත් බැව් ලබලා.... ගෙවා ඇවිත් මුළු සසර පුරා.... පෙර අත් බැවහි අපගේ මව් පිය.... මේ අත් බැව්හි වේදෝ එලෙසම.... පෙර අත් බැවහි අපගේ දූ දරු.... මේ අත් බැව්හි වේදෝ එලසම.... පෙර අත් බැව්හි අපගේ මව් පිය.... මේ අත් බැව්හි හමුවී එලෙසම.... පෙර අත් බැව්හි අපගේ දූ දරු.... මේ අත් බැව්හි හමුවී එලෙසම.... පෙර අත් බැව්හි අපගේ මව් පිය.... මේ අත් බැව්හි නෑ හමුවන්නේ.... පෙර අත් බැව්හි අපගේ දූ දරු.... මේ අත් බැව්හි නෑ හමුවන්නේ.... අපගේ මව් පිය සොහොයුරු ආදී.... හමු වී දූ දරු මිතුරන් ආදී.... ගෙවෙනා සතුටින් සැම දෙන සෑදී.... නොදනිමු මතු භව මේ ලෙස උපදී.... දුලභය මිනිසත් භව ලැබ ගැනුමත්.... දුලභය සිරිලක වාසය ලැබුමත්.... දුලභය ධර්මය නිසි කල ඇසුමත්.... ලැබ ගමු නිසි ඵල භවයේ මිනිසත්.... කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා

දින දින ගෙවී.. මගෙ රන් පුතේ..දින දින ගෙවී..මගෙ රන් දුවේ.. ප්‍රතිඵල ඇවිත්.. ශිෂ්‍යත්වයේ....

Image
මල් කැකුළු වන් මා සුරතල් දුවේ.... මල් කැකුළු වන් මා සුරතල් පුතේ.... හිනැහී සදා මා සනසන් දුවේ.... හිනැහී සදා මා සනසන් පුතේ.... දින දින ගෙවී.... මගෙ රන් පුතේ.... දින දින ගෙවී.... මගෙ රන් දුවේ.... ප්‍රතිඵල ඇවිත් ශිෂ්‍යත්වයේ.... ප්‍රතිඵල බැලූ මා දූ පුතුනි.... සතුටින් ද ඔබ දැන් අද දිනේ.... මව් පිය පැතුම් ඉටු කළ සොඳින්.... මා දුව පුතේ තුටු වී සොඳින්.... ගෙන යන්න ඉගෙනීම සැමදා සොඳින්.... ප්‍රතිඵල බැලූ මා දූ පුතුනි.... දුක් වූවදෝ ඔබ දැන් ඉතින්.... ප්‍රතිඵල මදී සිතලා සොවින්.... ඉටුු කළෙ නැතැයි මව් පිය පැතුම්.... ශිෂ්‍යත්වයෙන් ඔබ අසමත් වුවත්.... දිරි ගෙන සිතින්.... හැකි වෙර යොදා.... ඉගෙනීම නිබඳා.... කළදා දුවේ.... ඉගෙනීම නිබඳා.... කළදා  පුතේ.... මතු දා වාසනා වේ මගෙ රන් දුවේ.... මතු දා වාසනා වේ මගෙ රන් පුතේ.... මා පිය පැතුම් හැම ඉටු කොට සොඳින්.... රට බබළවා, ලොව බබළවා.... ඔබේ නම රන්දා සිරි ලක් බිමේ.... ඔබේ නම රන්දා මේ මුළු ලොවේ.... පා නගන්නට ලොවට මගෙ රන් දුවේ.... පා නගන්නට ලොවට මගෙ රන් පුතේ.... දිරි ලැබේවා ඔබට සැමදා දුවේ.... දිරි ලැබේවා ඔබට සැමදා පුතේ.... සැම මව්පියනි, සැම ගුරුතුමනි.... රැක ගන්න දරු

සියළු දන සුවපත් වෙලා.. කොරෝනා බිය තුරන් වේවා!

Image
ලොවම අඳුරේ වෙලා ගෙන අද.. කොරෝනා රෝ බිය නිසා.... නතර වීලා වගෙයි ලෝකය.. සොබාදහමේ නඩු අසා.... මරණෙ සැමටම උරුම වූවත්.. මතු දිනෙක අප සැම දෙසා.... මිනිස් බව ලැබ කෙලෙස ඉවසම්.. ඇහෙන දකිනා දේ නිසා.... මහළු මව්පියො, තනි වෙලා අද.. නෑ දරුවො ළඟ දුරු රට.... දරුවො සිටියත්, තනි වෙලා හැම.. බෑ ගොසින් දුක් අසන්ට.... වෙන්කලත් බිළිඳුන්, තනි වෙලා මව සහ පියා.. විඳින ඒ දුක් අසන්ට.... අනේ දෙවියනි, පිහිට වෙනු මැන.. දෙමව්පිය දුක් නසන්ට.... පිහිට වුන මැනේ දෙවියනි.. සියළු සත වෙත ලෝකයේ.... දිවා රෑ නොනිඳා වෙහෙසෙනා.. රණවිරුවො මුර සේවයේ.... රකිනු මැන, ඒ රෝ බියෙන් හැම.. වෙඳදුරන් හෙද සේවයේ.... බිළිඳු දරුවන්, මෑණියන් හැම.. ගැබිණි මව්වරු, ලෝකයේ.... දුරුවුනා ඒ, තුන් බියම ඒ.. රතන සුතුරේ අනුහසින්.... සැනසුණා සැම, විසල් නුවරේ.. රතන සුතුරේ පැන් බෙලෙන්.... ලොවම සනසා, අඳුර පලවා.. දෙන්න හනිකේ බුදු බලෙන්.... ජය සිරිමා බෝ සමිඳු බලයෙන්.. රුවන්වැලි සෑ අනුහසින්.... සියළු දන සුවපත් වෙලා.. කොරෝනා බිය යයි ලොවෙන්....                                                                                                                           

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
දැනට 28,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 28K. Of-course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා කවි පදත් මනරම්.... පුබුදුවා රස හැඟ

පීතෘ වන්දනා....

Image
මිහිමඬලේ උපන්.. පියවරු නමින්.... පුදමි බැතින්.. මේ කවි කුසුම්.... වේ ඔබ තුටින්.. ලැබු දූ පුතුන්.... වඳිනෙමි බැතින්.. පුදලා පියුම්.... සුදොවුන් රජුන්.. වැනි පියවරුන්.... සිහිකර බැතින්.. පුදදෙමු කුසුම්.... දුන් ඔවදනින්.. පිය සෙනෙ කිමැයි.... ලොව වෙත බැතින්.. සසුනට පුතුන්.... බිම්සර රජුන්.. පිදු සෙනෙහසින්.... සිහිකර තොසින්.. වඳිනෙමි බැතින්.... බෝදුක් දැරූ.. සිය පුතු නමින්.... පලලා දෙපා.. මැරුවත් තමන්.... මේ සංසාරයේ.. මගෙ පියවරුන්.... සිහිකර බැතින්.. පුදමි බැතින්.... මේ විශ්වයේ ..සැම පියවරුන්.... සිහිකර බැතින්.. පුදමි බැතින්.... සුරතල් පුතුන්.. සුරතල් දූන්.... ලැබු පියවරුන්.. වේ හැම තුටින්.... සෙනෙහස පුදා.. බැතිබර සිතින්.... රැකගන් පියා.. පුදදෙන් පියා.... තනි නොකරමින්.. ඔබෙ ආදර පියාණන්.... පුද දෙන් බැතින්.. සිහිකර ඔබ පියාණන්.... නිති ඉවසමින්.. ඔබ රැකගත් දයාවෙන්.... රැකගන් සොඳින්.. දරුවනි ඔබ පියාණන්.... උතුම් පියවරුන් වෙනුවෙන් මෙම කවි උපහාරයක් ම වේවා! කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා