Posts

Showing posts from 2024

අම්මා song

START  තම් දන තානා තන තම් දන තාන තනා..  තෙයි තන තානා තන තම් දන තාන තනා..  සම්මා සම්බුදු සේමයි මා වැඩු මගෙ අම්මා  නම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මා  අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බැහැ නිම්මා  සම්මා සම්බුදු සරණයි මා වැඩු මගෙ අම්මා..  OR   දස මාසේ උරේ කත්වා පෝසේසි වුද්දිකාරණං  ආයු දීගං වස්ස සතං මාතු පාදං නමාමි..   OR මහාමායා දේවි ළඟට; ප්‍රජාපතී සාදු සාදු.. මහා සෙනහසේ තොටිල්ල; බෝසතුන්ට සෑදු සෑදු.. ප්‍රජාපතී වෙන්නට බෑ; තිබුණට සිතිවිලි මැදහත් ඔබේ පුතා වුනාට මම නොවේය  කුමරුන් සිදුහත්..        අම්මේ  ඔබ මා වැදූ..  වේවා ලොව මතු බුදු.. අම්මේ  ඔබ මා හැදූ..  වේවා ලොව මතු බුදු..         

නැවුම් පැතුම් සිත දරා.. දෙපා තබමු නව වසරට සතොසින්....

නව වසරක් එළඹෙනා.... ආසිරි මල් පිබිඳෙනා.... මෙත් සිසිලෙන් නැහැවෙනා.... දෑ බැති මල් පිබිඳෙනා.... සමඟි දමින් හැඩ වෙනා.... කුළුණු ගුණෙන් සපිරෙනා.... සිත් මල් සුවඳින් නැළැවෙන.... නව වසරක් එළඹෙනා.... ජය සිරිමා බෝ.. සමිඳු බලයෙන්.... රුවන්වැලි සෑ .. අනුහසින්.... රැක දේවා.. අප සැම දෙන.... ආසිරි මල්.. වරුසාවෙන්.... ගිය වසරේ.. ලැබු පැරඳුම්.... සිත් රිඳවුම්.. ලද ගෙරවුම්.... සිහියට ගෙන.. ලද ජය පැන්.... දෙපා තබමු.. සිත් සතොසින්.... කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා