සිනහව....
නොවින්ඳෙමි සතුටක සේයාවකුඳු; එනමුත් සිනාසුනෙමි විටෙක. හදවතට දැනුණු වේදනාවෙන් යම් පමණකට හෝ මිදෙන්නට මෙන්; උරුම කර දුණි ඒ නිමේෂයට; සතුටක සේයාවක්....... කුමක් නමුත් සියුම් වෙනසක් වන්නට ඇත, ඒ සිනහවෙන්....... හැඳින නොගත්තෙමි; ඒ ගැඹුරු වෙනස; සිනහවක් නොහඳුනන හදක් මෙන්....... කුමක් විද මේ මිනිස් මනසට.... සිනහවක් හඳුනන්ට තරම්වත්; ඇයි මසිත හැඟුම් බර නොවූයේ?........ කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා